අමානුෂිකව කාවින්ද ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙක් අල්ලයි

පසුගිය පළමු වනදා දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී ඊයේ (02) සවස් කාලයේ ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 23ක් වන මෙම සැකකරු ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අපරාධයට උපයෝගී කරගත් ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රත්මලාන, මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නැමැති 23 හැවිරිදි තරුණයා ඝාතනය කර සිටිය දී පසුගිය 01 වනදා දහවල් සොයාගැනුනේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14