ඉන්දීය නාවික ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ පළමු ගැඹුරු මුහුදු වරාය වන විජින්ජම් – Vizhinjam ජාත්‍යන්තර වරාය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (02) විවෘත කළා.
අදානි විජින්ජම් පෝර්ට් පුද්ගලික සමාගමේ (AVPPL) ඉන්දීය රුපියල් කෝටි 8,867 ක ආයෝජනයක් වන පළමු අදියරේදී මීටර් 3,000 ක දියකඩනයක් සහ මීටර් 800 ක පර්යන්තයක් ඉදිකර තිබෙනවා.
මෙම අදියරේදී බහාලුම් මිලියනයක් හැසිරවිය හැකියි.
2028–29 වන විට අදියර හතරකින් නිම කිරීමෙන් පසු, මුළු ආයෝජනය රුපියල් කෝටි 20,000 ඉක්මවන අතර, වරායට TEU මිලියන 6.2 ක් හැසිරවීමේ හැකියාව ලැබෙනවා.
එය ඉන්දියාවේ බහාලුම් ප්‍රවාහන අවශ්‍යතාවලින් අඩක් පමණ සපුරනු ඇති.
ඉතිරි අදියර සඳහා අදානි සමාගම රුපියල් කෝටි 9,000 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරනවා.
ජාත්‍යන්තර නැව් මාර්ගයේ සිට නාවික සැතපුම් 10 ක් (කිලෝමීටර් 19) දුරින් පිහිටා ඇති විජින්ජම් වරාය ප්‍රධාන ස්ථානීය වාසියක් භුක්ති විඳිනවා.
ජාත්‍යන්තර නැව් මාර්ගය හා සංසන්දනය කිරීමේදී, කොළඹ නාවික සැතපුම් 30 ක් දුරින් පිහිටා ඇති අතර ඉන්දියාවේ විශාලතම වරාය වන මුන්ද්‍රා, නාවික සැතපුම් 250 ක් දුරින් පිහිටා තිබෙනවා.














They can they have money
Indian port are getting filled from sand. That is the disadvantage they have. Will see how successful that will be?