කොළඹටත් අභියෝගයක් වන කේරලයේ නව වරාය මෝදි අතින් විවෘත වෙයි

ඉන්දීය නාවික ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ පළමු ගැඹුරු මුහුදු වරාය වන විජින්ජම් – Vizhinjam ජාත්‍යන්තර වරාය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (02) විවෘත කළා.

අදානි විජින්ජම් පෝර්ට් පුද්ගලික සමාගමේ (AVPPL) ඉන්දීය රුපියල් කෝටි 8,867 ක ආයෝජනයක් වන පළමු අදියරේදී මීටර් 3,000 ක දියකඩනයක් සහ මීටර් 800 ක පර්යන්තයක් ඉදිකර තිබෙනවා.

මෙම අදියරේදී බහාලුම් මිලියනයක් හැසිරවිය හැකියි.

2028–29 වන විට අදියර හතරකින් නිම කිරීමෙන් පසු, මුළු ආයෝජනය රුපියල් කෝටි 20,000 ඉක්මවන අතර, වරායට TEU මිලියන 6.2 ක් හැසිරවීමේ හැකියාව ලැබෙනවා.

එය ඉන්දියාවේ බහාලුම් ප්‍රවාහන අවශ්‍යතාවලින් අඩක් පමණ සපුරනු ඇති.

ඉතිරි අදියර සඳහා අදානි සමාගම රුපියල් කෝටි 9,000 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරනවා.

ජාත්‍යන්තර නැව් මාර්ගයේ සිට නාවික සැතපුම් 10 ක් (කිලෝමීටර් 19) දුරින් පිහිටා ඇති විජින්ජම් වරාය ප්‍රධාන ස්ථානීය වාසියක් භුක්ති විඳිනවා.

ජාත්‍යන්තර නැව් මාර්ගය හා සංසන්දනය කිරීමේදී, කොළඹ නාවික සැතපුම් 30 ක් දුරින් පිහිටා ඇති අතර ඉන්දියාවේ විශාලතම වරාය වන මුන්ද්‍රා, නාවික සැතපුම් 250 ක් දුරින් පිහිටා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00