සම්පූර්ණ එන්නත ලබාගත්තා නම් මුහුණු ආවාරණ භාවිත කරන්න අවශ්‍ය නැහැ.

මාත්‍රා දෙකකින් යුත් කොරෝනා මර්දන එන්නත සම්පූර්ණයෙන්ම ලබා ගත් අයට මුහුණු ආවාරණ පැළඳීම නතර කළ හැකි බව අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට මෙය දැනුම්දී තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි, විදෙස් මාධ්‍ය මේ බව කියා සිටියේ.

එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ද ඔවුන්ට අවශ්‍ය නොවන බවයි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා පහසුකම් සපයන පිරිස් හට මෙය අදාළ නොවන බවත් සඳහන්.

එමෙන්ම නිවෙස් නොමැති පිරිස් හටත්, බන්ධනාගාරගතව සිටින අයටත් කිසිසේත් මුහුණු අවාරණ ඉවත් කිරීමට නොහැකි බව ද රෝග පාලන මධ්‍යස්ථානය කියා සිටියා.

තව ද මගී ප්‍රවාහන සේවාවන්හි කටයුතු කරන අය ද අනිවාර්යයෙන්ම මුහුණු ආවාරණ භාවිත කළ යුතු බවයි එම මාධ්‍යස්ථානය අවධාරණය කළේ.

මීට පෙර ඊශ්‍රායලය ද මුහුණු ආවාරණ පැළඳීම අනිවාර්යය නොවන බව නිවේදනය කර තිබුණා.

ඒ්, එරට තුළ කොරෝනා මර්දන එන්නත්කරණය සාර්ථකව සිදු වෙමින් තිබීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?