රිය අනතුරකින් පසු පුද්ගලයකුට පොරවකින් පහර දී ඝාතනය කරයි

ලුණුගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයට අයත් හතරමන් හංදිය ලුණුගම්වෙහෙර හතරවන පටුමග ප්‍රදේශයේ දී යතුරුපැදියක් බොලොරෝ වර්ගයේ කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා මාර්ගය අසල ඇද වැටී ඇති බවයි.

පසුව කැබ් රථයේ රියදුරු විසින් කැබ් රථයේ තිබූ පොරවක් රැගෙන විත් තුවාල ලබා සිටි යතුරුපැදිකරුට පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ සාම මාවත – ලුණුගම්වෙහෙර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 67ක් වන පුද්ගලයෙක්.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි ගොතරණා නමැති වයස අවුරුදු 27ක අයෙක්.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?