සබරගමුව සරසවියේ විද්‍යාර්ථයෙකු සියදිවි නසා ගනියි – පොලිසියෙන් පුළුල් විමර්ශන ඇරඹෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ශාන් නමැති විද්‍යාර්ථයෙක්.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාරයේ අර්ථකථනයන් සංසරණය වන පසුබිමක, බොහෝ පිරිස් ඇතැම් කෙටි පණිවිඩ ආදිය මුහුණුපොතට එක් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ශිෂ්‍යයාට නේවාසිකාගාරයේ දී සිදු වූ නවකවද සිදුවීමක් පාදක කරගනිමින්, ඔහුට ඇති වූ දැඩි මානසික කම්පනය මත තම නිවසේ දී හෙතෙම සියදිවි නසා ගෙන ඇති බවයි.

නමුත් මෙම හේතුව තවමත් පොලිස් විමර්ශනවලින් ස්ථීරව ම අනාවරණය වී නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය සමනල වැව පොලිස් ස්ථානයෙන් සිදු කළ විමසීමකදී එහි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ, නිශ්චිතව ම මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව මෙම සිදුවීම නවකවදය හේතුවෙන් සිදු වූවක් බවට පැවසිය නොහැකි බවයි.

නමුත් අදාළ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවා ජීවිතක්ෂයට පත්වීමට පෙර ලිපියක් ලියා ඇති බවත්, ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ අයෙක් බවත්, ඒ සම්බන්ධයෙන් මෙන් ම විවිධ පාර්ශ්වවලින් ලැබුණු වෙනත් පැමිණිලි ඔස්සේ ද පුළුල් විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
25
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?