සබරගමුව සරසවියේ විද්‍යාර්ථයෙකු සියදිවි නසා ගනියි – පොලිසියෙන් පුළුල් විමර්ශන ඇරඹෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ශාන් නමැති විද්‍යාර්ථයෙක්.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාරයේ අර්ථකථනයන් සංසරණය වන පසුබිමක, බොහෝ පිරිස් ඇතැම් කෙටි පණිවිඩ ආදිය මුහුණුපොතට එක් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ශිෂ්‍යයාට නේවාසිකාගාරයේ දී සිදු වූ නවකවද සිදුවීමක් පාදක කරගනිමින්, ඔහුට ඇති වූ දැඩි මානසික කම්පනය මත තම නිවසේ දී හෙතෙම සියදිවි නසා ගෙන ඇති බවයි.

නමුත් මෙම හේතුව තවමත් පොලිස් විමර්ශනවලින් ස්ථීරව ම අනාවරණය වී නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය සමනල වැව පොලිස් ස්ථානයෙන් සිදු කළ විමසීමකදී එහි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ, නිශ්චිතව ම මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව මෙම සිදුවීම නවකවදය හේතුවෙන් සිදු වූවක් බවට පැවසිය නොහැකි බවයි.

නමුත් අදාළ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවා ජීවිතක්ෂයට පත්වීමට පෙර ලිපියක් ලියා ඇති බවත්, ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ අයෙක් බවත්, ඒ සම්බන්ධයෙන් මෙන් ම විවිධ පාර්ශ්වවලින් ලැබුණු වෙනත් පැමිණිලි ඔස්සේ ද පුළුල් විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04