ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම ගැන පැමිණිල්ල ජාත්‍යන්තර අධිකරණයට?

ඉන්දියාව ජල සැපයුමට කළ වින්නැහියට එරෙහිව පාකිස්තානය නීතිමය ක්‍රියාමාර්ග වෙත

ඉන්දියාව ජල ගිවිසුම් අත් හිටුවීමට එරෙහිව පාකිස්තානය සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ජාත්‍යන්තර නීතියේ සහාය අපේක්ෂා කර තිබෙනවා.

dawn.com පුවත් සේවය පැවසුවේ, ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දීය රජය ගත් පියවර සම්බන්ධයෙන් පාකිස්තාන රජයට සහාය වීම සඳහා රටේ ඉහළම නීති ආයතනය මගින් කමිටුවක් පිහිටුවා ඇති බවයි.

ගිවිසුමේ පහසුකම් සපයන්නා වන ලෝක බැංකුවේ දී මෙම ගැටලුව මතු කිරීම ඇතුළුව අවම වශයෙන් වෙනස් නීතිමය විකල්ප තුනක් සඳහා තම රජය සැලසුම් සකස් කරමින් සිටින බව පාකිස්තානයේ නීතිය හා යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අකීල් මලික් රොයිටර් පුවත් සේවයට පැවසුවා.

ඉන්දියාව 1969 ගිවිසුම් නීතිය පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට තර්ක කළ හැකි ස්ථිර බේරුම්කරණ අධිකරණයේ හෝ හේග් නුවර දී ජාත්‍යන්තර අධිකරණයේ පියවර ගැනීම ගැන ද සලකා බලමින් සිටින බවයි හෙතෙම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?