ආසියානු යෝගාසන ශූරතා තරගාවලියෙන් පදක්කම් 18ක් ලක්මවට

02 වන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට (02nd Asian Gogasana Sport Championship) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගෙන අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම තරගාවලිය ආසියානු රටවල් 21ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ දී ඉකුත් 25 දින සිට 27 දින දක්වා පැවැත්වූ බවයි.

එහිදී මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් අතරින් 10 දෙනෙකුම මෙම තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට සමත් වූ බවත් මේ සියලුම දක්ෂයින් තවමත් පාසල් මට්ටමේ ක්‍රීඩකයින් වීම ද මෙහි ඇති විශේෂත්වයයි.

මෙම ජයග්‍රාහි ක්‍රීඩකයන් පිරිස අද උදෑසන 08.53 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් සහ ශ්‍රි ලංකා යෝගාසන පදනමේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56