ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා වේගවත් කෙරේ

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීම සඳහා ඉන්දීය වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් සහ එක්සත් රාජධානියේ වාණිජ සහ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජොනතන් රෙනොල්ඩ් හමු වී තිබෙනවා.

දෙරට අතර ආයෝජන හා වෙළෙදාම ශක්තිමත් කිරීමේ සාකච්ඡා සඳහා පියුෂ් ගොයාල් ලන්ඩනයේ දෙදින සංචාරයක නිරතව සිටිනවා.

සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ දෙරටම නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යෑමට කැපී වී සිටින බවයි.

දෙරට අතර සාකච්ඡා වට හතක් මේ වන විට පවත්වා ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවක දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවා.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කළ බව පියුෂ් ගොයාල් පසුගිය පෙබරවාරි මාසයේ දී නිවේදනය කළේ ජොනතන් රෙනොල්ඩ් දිල්ලියේ සංචාරය කළ අවස්ථාවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?