ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා වේගවත් කෙරේ

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීම සඳහා ඉන්දීය වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් සහ එක්සත් රාජධානියේ වාණිජ සහ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජොනතන් රෙනොල්ඩ් හමු වී තිබෙනවා.

දෙරට අතර ආයෝජන හා වෙළෙදාම ශක්තිමත් කිරීමේ සාකච්ඡා සඳහා පියුෂ් ගොයාල් ලන්ඩනයේ දෙදින සංචාරයක නිරතව සිටිනවා.

සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ දෙරටම නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යෑමට කැපී වී සිටින බවයි.

දෙරට අතර සාකච්ඡා වට හතක් මේ වන විට පවත්වා ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවක දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවා.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කළ බව පියුෂ් ගොයාල් පසුගිය පෙබරවාරි මාසයේ දී නිවේදනය කළේ ජොනතන් රෙනොල්ඩ් දිල්ලියේ සංචාරය කළ අවස්ථාවේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38