කුලියට මිනී මරණ සිව්දෙනෙක් අල්ලයි

මුදල් කොන්ත්‍රාත්තුවලට කඩු, මන්නාවලින් පහර දී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් සිව්දෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ යන ප්‍රදේශයවල පදිංචි වයස අවුරුදු 30,32,36 සහ 51 යන වයස්වල පසුවන සිව්දෙනෙක්.

පසුගිය 17 වනදා රාත්‍රියේ බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකුට මන්නාවලින් පහර දී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අපරාධයට යොදාගත් බවට සැක කෙරෙන කඩුවක්, මන්නා දෙකක් ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්ධයෙන් ද ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙළිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?