කුලියට මිනී මරණ සිව්දෙනෙක් අල්ලයි

මුදල් කොන්ත්‍රාත්තුවලට කඩු, මන්නාවලින් පහර දී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් සිව්දෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ යන ප්‍රදේශයවල පදිංචි වයස අවුරුදු 30,32,36 සහ 51 යන වයස්වල පසුවන සිව්දෙනෙක්.

පසුගිය 17 වනදා රාත්‍රියේ බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකුට මන්නාවලින් පහර දී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අපරාධයට යොදාගත් බවට සැක කෙරෙන කඩුවක්, මන්නා දෙකක් ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්ධයෙන් ද ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙළිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40