යවපු කෙටි පණිවිඩ නිසා හිරේට ගිය තරුණයා

සිය ගිණුම්වලට මුදල් ලැබී ඇති බව පවසමින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍යය බැංකුවක ගනුදෙනුකරුවන්ට ව්‍යාජ කෙටි පණිවුඩය යැවූ බව කියන සැකකාර පුද්ගලයකු මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ වන්නකු වඩුගේ තෙනුක සචින්ත නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එම රාජ්‍ය බැංකු මූලස්ථානයේ තාක්ෂණික කළමනාකාරවරයා 2022 වර්ෂයේ කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.

එම රාජ්‍ය බැංකුවට අයත් ගම්පහ ශාඛාවේ ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකුට එවැනි කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති නමුත් එම ගිණුම්වලට මුදල් ලැබී නොමැති බව ද එම නිලධාරින් අධිකරණයට දැනුම්දුන්නා.

එම සිද්ධියෙන් අනතුරුව එම බැංකු මූලස්ථානයේ තාක්ෂණික කළමනාකාරවරයා පැමිණිල්ල කළ බව ද විමර්ශන නිලධාරිහු අධිකරණයට දන්නා සිටියා.

අදාළ බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුල්වී එම කෙටි පණිවුඩ යොමු කරන පුද්ගලයා කවුද යන්න පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කළ බවත් ඒ අනුව එම සැකකාර පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

සැකකාර පුද්ගලයා සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු බවත් පරිගණක දත්ත පද්ධතියක් හරහා ඔහු එම කෙටි පණිවුඩ යවා ඇතිි නමුත් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම්වලින් මුදල් ලබාගෙන වංචා කර නොමැති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග එම නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර පුද්ගලයා එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

  1. සිංගප්පුරුවේ ඉන්න තව කෙනෙක් නන් තාම අල්ල ගන්ට බැරි වෙලා තියෙනව ලොකුම බැංකු හොරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03