එපා කියද්දිත් නම හා ඡායාරූපය අවභාවිත කිරීම ගැන හිටපු ජනපතිනියගෙන් පැමිණිල්ලක්

කිසිදු අයුරකින් තමන්ගේ නම හා ඡායාරූප මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට භාවිතා නොකරන ලෙසට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වන ලිපියක් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය පෙන්වාදෙන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණෙහි යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තම නම සහ ඡායාරූප යොදාගනිමින් අත් පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිටින බව සහ පෝස්ටර් අලවා ඇති බවට දැනගන්නට ලැබුණු බවයි.

මෙවැනි පත්‍රිකාවක් බෙදාහැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමන්ගේ කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් ඒ බව පුටුව ලකුණින් තරග කරන ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ට මෙන් ම අපේක්ෂකයින්ට ද දැනුම්දී ඇති බව හිටපු ජනාධිපතිවරිය පැවසුවා.

තත්ත්වය එසේකොට තිබියදීත් අනවසරයෙන් තම නම සහ ඡායාරූපය භාවිත කරමින් මා ඔවුන්ට සහාය දෙන බව ප්‍රකාශ කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් හෙයින් එම කටයුත්ත වහාම නවතන ලෙසට කඩිනමින් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම්දෙන ලෙස සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස හිටපු ජනපතිනි කුමාරතුංග මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24