පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් දෙදෙනෙකුගේ නිවාසවල පිපිරීමක්

පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් හි සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති ත්‍රස්තයින් දෙදෙනෙකුගේ නිවාස පිපිරීමකින් විනාශ වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (24) රාත්‍රියේ මෙම පිපිරීම් සිදුව ඇති බවයි.

ප්‍රහාරය පිටුපස සිටින ලෂ්කාර්-ඊ-තායිබා (එල්ඊටී) ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වන ආදිල් හුසේන් තෝකර් සහ අසිෆ් ෂෙයික් යන අයගේ නිවාස මෙලෙස පුපුරා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහල්ගම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තෝකර් නැමැති ත්‍රස්තයාගේ සහ තවත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ රූප සටහන් ඊයේ දිනයේ ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා.

ආදිල් හුසේන් තෝකර් සමඟ ඡායාරූප මඟින් ප්‍රසිද්ධියට පත්කළ අනෙක් ත්‍රස්තයින් දෙදෙනා පාකිස්ථාන ජාතිකයන් බව අනාවරණය වුණා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන තොරතුරු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ බවත් පොලිසිය පැවසුවා.

‘කුඩා ස්විට්සර්ලන්තය’ ලෙස හඳුන්වන පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් ඉන්දියානු ජාතිකයින් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊට අමතරව තවත් 17 එනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය මෑත වසරවලදී කලාපයේ සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරවලින් එකක් බවයි සැලකෙන්නේ.

මෙම ප්‍රහාරය මේ වනවිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?