ජනපති ඊයේ රාත්‍රියේ හදිසියේම මහනුවරට – පෝලිම් අසලට ගොස් බැතිමතුන් හමුවෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර පැමිණ තිබෙනවා.

එහිදී ‘සිරි දළඳා වන්දනාව’ වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් ද කැඳවනු ලැබුවා.

මේ අතර දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන් සඳහා ක්‍රියාත්මක සුභසාධන, යටිතල පහසුකම් සහ ආරක්ෂක රාජකාරින්හි වත්මන් තත්ත්වය පරික්‍ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිවරයා ද ඊයේ (24) දින මහනුවර ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එමෙන්ම නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඊයේ (24) ඉල්ලා සිටියා.

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මේ වනවිටත් ඇති විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
6
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?