ජනපති ඊයේ රාත්‍රියේ හදිසියේම මහනුවරට – පෝලිම් අසලට ගොස් බැතිමතුන් හමුවෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර පැමිණ තිබෙනවා.

එහිදී ‘සිරි දළඳා වන්දනාව’ වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් ද කැඳවනු ලැබුවා.

මේ අතර දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන් සඳහා ක්‍රියාත්මක සුභසාධන, යටිතල පහසුකම් සහ ආරක්ෂක රාජකාරින්හි වත්මන් තත්ත්වය පරික්‍ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිවරයා ද ඊයේ (24) දින මහනුවර ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එමෙන්ම නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඊයේ (24) ඉල්ලා සිටියා.

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මේ වනවිටත් ඇති විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42