දිල්ලිවරුන්ට සුපිරි ජයක් – මුම්බායි හා හයිද්‍රාබාද් අතර තවත් තරගයක් අද

IPL තරගාවලියේ ඊයේ (22) පැවති තරගය කඩුලු 08කින් ජය ගන්නට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ ලක්නව් නුවර දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලිවරුන් පළමුව පිතිකරණයට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

ඒ අනුව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලක්නවු සුපර් ජෑන්ට්ස් කණ්ඩායම ලකුණු 159ක් ලබාගත්තා.

ඒඩින් මක්‍රම් ලකුණු 52ක් සහ මිචෙල් මාර්ෂ් ලකුණු 45ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී මුකේෂ් කුමාර් කඩුලු 04ක් සහ එක් කඩුල්ල බැගින් අක්සාර් පටෙල්, දුෂ්මන්ත චමීර අතරේ බෙදී ගියා.

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය දිල්ලිවරුන් සිය ජයග්‍රහණය කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී ලබාගත්තා.

කේ.එල් රාහුල් නොදැවී ලකුණු 57ක් ලබා ගත් අතර අක්සාර් පටෙල්ගෙන් ද නොදැවුණු ලකුණු 34ක් හිමිවුණා.

අභිෂේක් පොරෙල් ලකුණු 51යි.

කඩුලු බිඳ දැමීමේ දී ඒඩ්න් මක්‍රම් කඩුලු දෙකක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය තරගයේ හොඳම පන්දු යැවීමක් සනිටුහන් කළ මුකේෂ් කුමාර් විසින් දිනාගනු ලැබුවා.

මේ අතර අද (23) රාත්‍රියේ දී මුම්බායි ඉන්දියන්ස්ට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද් තරග බිමට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?