දිල්ලිවරුන්ට සුපිරි ජයක් – මුම්බායි හා හයිද්‍රාබාද් අතර තවත් තරගයක් අද

IPL තරගාවලියේ ඊයේ (22) පැවති තරගය කඩුලු 08කින් ජය ගන්නට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ ලක්නව් නුවර දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලිවරුන් පළමුව පිතිකරණයට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

ඒ අනුව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලක්නවු සුපර් ජෑන්ට්ස් කණ්ඩායම ලකුණු 159ක් ලබාගත්තා.

ඒඩින් මක්‍රම් ලකුණු 52ක් සහ මිචෙල් මාර්ෂ් ලකුණු 45ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී මුකේෂ් කුමාර් කඩුලු 04ක් සහ එක් කඩුල්ල බැගින් අක්සාර් පටෙල්, දුෂ්මන්ත චමීර අතරේ බෙදී ගියා.

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය දිල්ලිවරුන් සිය ජයග්‍රහණය කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී ලබාගත්තා.

කේ.එල් රාහුල් නොදැවී ලකුණු 57ක් ලබා ගත් අතර අක්සාර් පටෙල්ගෙන් ද නොදැවුණු ලකුණු 34ක් හිමිවුණා.

අභිෂේක් පොරෙල් ලකුණු 51යි.

කඩුලු බිඳ දැමීමේ දී ඒඩ්න් මක්‍රම් කඩුලු දෙකක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය තරගයේ හොඳම පන්දු යැවීමක් සනිටුහන් කළ මුකේෂ් කුමාර් විසින් දිනාගනු ලැබුවා.

මේ අතර අද (23) රාත්‍රියේ දී මුම්බායි ඉන්දියන්ස්ට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද් තරග බිමට පිවිසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16