“සිරි දළදා වන්දනාව” අද පස්වන දිනටත් – සිව්වන දිනයේ බැතිමතුන් 130,000ක්

“සිරි දළදා වන්දනාව” අද (22) පස්වන දිනටත් පැවැත්වෙනවා.

ඒ, අනුව සැදැහැවතුන්ට අද (22) පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා සමිඳුන් දැකබලා වන්දනාමාන කිරීමේ හැකියාව පවතිනවා.

සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය වූ ඊයේ (21) දිනයේ දී බැතිමතුන් 130,000ක් පමණ දළඳා වහන්සේ වන්දනා කර තිබෙනවා.

ඊයේ දිනයේ සිට සිරි දළදා වන්දනාව සඳහා ලබා දී තිබූ කාලසීමාව සංශෝධනය කරමින් පෙරවරු 11.00 සිට ඒ සඳහා අවස්ථාව සලසාදීමට තීරණය කළා.

ඒ, අනුව මෙතෙක් දහවල් 12,00ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව ඊයේ (21) දින සිට පෙරවරු 11.00ට ආරම්භ වුණා.

පසුගිය 18 වනදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව එළඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර අද (22) උදෑසන වන විටටත් බැතිමතුන් විශාල පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බවයි දසත නිව්ස් වාර්තාකරුවන් පැවසුවේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟ පෙන්වී යටතේ සිරි දළදා වන්දනාව සංවිධානය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?