“සිරි දළදා වන්දනාව” අද පස්වන දිනටත් – සිව්වන දිනයේ බැතිමතුන් 130,000ක්

“සිරි දළදා වන්දනාව” අද (22) පස්වන දිනටත් පැවැත්වෙනවා.

ඒ, අනුව සැදැහැවතුන්ට අද (22) පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා සමිඳුන් දැකබලා වන්දනාමාන කිරීමේ හැකියාව පවතිනවා.

සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය වූ ඊයේ (21) දිනයේ දී බැතිමතුන් 130,000ක් පමණ දළඳා වහන්සේ වන්දනා කර තිබෙනවා.

ඊයේ දිනයේ සිට සිරි දළදා වන්දනාව සඳහා ලබා දී තිබූ කාලසීමාව සංශෝධනය කරමින් පෙරවරු 11.00 සිට ඒ සඳහා අවස්ථාව සලසාදීමට තීරණය කළා.

ඒ, අනුව මෙතෙක් දහවල් 12,00ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව ඊයේ (21) දින සිට පෙරවරු 11.00ට ආරම්භ වුණා.

පසුගිය 18 වනදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව එළඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර අද (22) උදෑසන වන විටටත් බැතිමතුන් විශාල පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බවයි දසත නිව්ස් වාර්තාකරුවන් පැවසුවේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟ පෙන්වී යටතේ සිරි දළදා වන්දනාව සංවිධානය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56