ඇමෙරිකානු ජනාධිපතිටත් කටඋත්තර නැති වුණු හැකර් ප්‍රහාරය – දැවැන්ත මිලකුත් ගෙවන්න සිදුවෙලා

ඇමෙරිකානු තෙල් ප්‍රවාහන පද්ධතියේ තාක්ෂණික අංශයට එල්ල වූ හැකර් ප්‍රහාරයන් පසුව එය මුදවා ගැනීමට ඩොලර් මිලියන 5ක පමණ මුදලක් ගෙවා ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම හැකර් ප්‍රහාරයන් පසුව එම තෙල් ප්‍රවාහන පද්ධතිය දැවැන්ත අයුරින් අඩපණ වී තිබුණු අතර එය නිදහස් කිරීමට හැකර් ප්‍රහාරය දියත් කළ පිරිස මුදල් ඉල්ලා තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම මස මුලදී එල්ල වූ මෙම ප්‍රහාරයන්වලින් පද්ධතිය ගලවා ගැනීම සඳහා හැකර්වරුන් වෙත අන්තර්ජාල මුදල් ඒකකයක් වන ඩොලර් මිලියන 05ක් වටිනා ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) ගෙවා ඇති බව සඳහන් වෙයි. මෙලෙස හැකර්වරුන් ඩොලර් මිලියන 04ක හෝ 05ක අන්තර්ජාල මුදල් ගෙවූ බවට නිව් යෝර්ක් ටයිම්ස්, සීඑන්බීසී සහ ෆොක්ස් නිව්ස් යන මාධ්‍ය ජාලයන් විසින්ද තහවුරු කර තිබුණි.

මාධ්‍යවේදීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙන් විමසීමක් කර තිබුණත් ඔහු එයට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ හැකර්වරුන් හට මෙවැනි ආකාරයට මුදල් ගෙවීම තුළින් ඔවුන් තවත් එවැනි ප්‍රහාරයන් දියත් කළ හැකි බවයි.

මෙම තෙල් ප්‍රවාහන පද්ධතිය හැකර් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක කර ඇති අතර එහි ඇතිව තිබෙන දෝෂ නිවැරැදි කර පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දින කිහිපයක් ගත වනු ඇති බවද සඳහන් වෙයි. මෙය අක්‍රියව පැවැති සමයේ ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයන්හී තෙල් හිඟයක් ඇතිව තිබූ අතර බොහෝ දෙනෙකු තෙල් ලබා ගැනීම සඳහා රැස්ව සිටි බවත් සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?