ඇමෙරිකානු ජනාධිපතිටත් කටඋත්තර නැති වුණු හැකර් ප්‍රහාරය – දැවැන්ත මිලකුත් ගෙවන්න සිදුවෙලා

ඇමෙරිකානු තෙල් ප්‍රවාහන පද්ධතියේ තාක්ෂණික අංශයට එල්ල වූ හැකර් ප්‍රහාරයන් පසුව එය මුදවා ගැනීමට ඩොලර් මිලියන 5ක පමණ මුදලක් ගෙවා ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම හැකර් ප්‍රහාරයන් පසුව එම තෙල් ප්‍රවාහන පද්ධතිය දැවැන්ත අයුරින් අඩපණ වී තිබුණු අතර එය නිදහස් කිරීමට හැකර් ප්‍රහාරය දියත් කළ පිරිස මුදල් ඉල්ලා තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම මස මුලදී එල්ල වූ මෙම ප්‍රහාරයන්වලින් පද්ධතිය ගලවා ගැනීම සඳහා හැකර්වරුන් වෙත අන්තර්ජාල මුදල් ඒකකයක් වන ඩොලර් මිලියන 05ක් වටිනා ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) ගෙවා ඇති බව සඳහන් වෙයි. මෙලෙස හැකර්වරුන් ඩොලර් මිලියන 04ක හෝ 05ක අන්තර්ජාල මුදල් ගෙවූ බවට නිව් යෝර්ක් ටයිම්ස්, සීඑන්බීසී සහ ෆොක්ස් නිව්ස් යන මාධ්‍ය ජාලයන් විසින්ද තහවුරු කර තිබුණි.

මාධ්‍යවේදීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙන් විමසීමක් කර තිබුණත් ඔහු එයට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ හැකර්වරුන් හට මෙවැනි ආකාරයට මුදල් ගෙවීම තුළින් ඔවුන් තවත් එවැනි ප්‍රහාරයන් දියත් කළ හැකි බවයි.

මෙම තෙල් ප්‍රවාහන පද්ධතිය හැකර් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක කර ඇති අතර එහි ඇතිව තිබෙන දෝෂ නිවැරැදි කර පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දින කිහිපයක් ගත වනු ඇති බවද සඳහන් වෙයි. මෙය අක්‍රියව පැවැති සමයේ ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයන්හී තෙල් හිඟයක් ඇතිව තිබූ අතර බොහෝ දෙනෙකු තෙල් ලබා ගැනීම සඳහා රැස්ව සිටි බවත් සඳහන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14