UPDATE : ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීමේ චාරිත්‍රය ඇරඹෙයි (වීඩියෝ)

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීමේ චාරිත්‍රය ආරම්භ වී තිබෙනවා.

වතිකානු මාධ්‍ය නිවේදනය කළේ එම චාරිත්‍රයේ මුලසුන කාදිනල් කෙවින් ෆැරල් විසින් මෙහෙයවනු ලබන බවයි.

88 හැවිරිදි වියෙහි පසු වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය තහවුරු කිරීමේ සහ ඔහුගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රයේ මුලසුන ශුද්ධ රෝම පල්ලියේ ජ්‍යේෂ්ඨතම කාදිනල්වරයා විසින් මෙහෙයවීම සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නක්.

රෝමයේ වේලාවෙන් රාත්‍රී 8:00 ට ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෘත දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීම සිදු කෙරෙනවා.

වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා දේවස්ථානයේ දී මෙය සිදු කෙරෙනු ඇති.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ සහ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පවුලේ සාමාජිකයින්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඇන්ඩ්‍රියා ආකන්ජෙලි සහ වෛද්‍ය ලුයිගි කාබෝන් මීට එක් වන බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය හේතුවෙන් භාග්‍යවත් කාලෝ අකුටිස් සඳහා පැවති ශාන්තුවරයට පත් කිරීමේ දිව්‍ය පූජාව තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වනවා.

දිව්‍ය දයාවේ ඉරිදා ලෙස ද සමරනු ලබන පාස්කු ඉරිදා (දෙවන ඉරිදා) අප්‍රේල් 27 වන ඉරිදා, දිව්‍ය පූජාව සහ ශාන්තුවරයාව පත් කිරීමේ චාරිත්‍රය පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ සියල්ලම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් නවතා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20