ගේමක් නැතිවම මුම්බායිවරුන් කඩුලු 09ක ජයක් ලබයි – අද KKRට එරෙහිව GT පිටියට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ (20) රාත්‍රියේ පැවති තරගය කඩුලු 09කින් ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී චෙන්නායිවරුන්ව පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ මුම්බායිවරුන් පළමු ව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඇරයුමෙන් පිතිකරණය ඇරඹි චෙන්නායිවරුන් කඩුලු 05ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 53ක් සහ ශිවම් ඩබ් ලකුණු 50ක් රැස් කළා.

ආයුෂ් මහ්ත්‍රී ලකුණු 32යි.

කඩුලු බිඳ දැමීමේ දී ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් ඩීපක් චහර්, අශ්වනි කුමාර් සහ මිචෙල් සැන්ට්නර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය මුම්බායිවරුන් එක් කඩුල්ල පමණක් දැවී තිබියදී ජය වාර්තා කළා.

අනගි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්ම් නොදැවී ලකුණු 76ක් සහ සූර්‍යකුමාර් යදව් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

මෙම ජයත් සමග මුම්බායිවරුන් ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් වුණා.

ඒ තරග 08න් හතරක් ජය ගනිමින්.

මේ අතර අද (21) රාත්‍රියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊඩ්න් ගාර්ඩ්න් හිදී තවත් තරගයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?