ගේමක් නැතිවම මුම්බායිවරුන් කඩුලු 09ක ජයක් ලබයි – අද KKRට එරෙහිව GT පිටියට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ (20) රාත්‍රියේ පැවති තරගය කඩුලු 09කින් ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී චෙන්නායිවරුන්ව පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ මුම්බායිවරුන් පළමු ව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඇරයුමෙන් පිතිකරණය ඇරඹි චෙන්නායිවරුන් කඩුලු 05ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 53ක් සහ ශිවම් ඩබ් ලකුණු 50ක් රැස් කළා.

ආයුෂ් මහ්ත්‍රී ලකුණු 32යි.

කඩුලු බිඳ දැමීමේ දී ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් ඩීපක් චහර්, අශ්වනි කුමාර් සහ මිචෙල් සැන්ට්නර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය මුම්බායිවරුන් එක් කඩුල්ල පමණක් දැවී තිබියදී ජය වාර්තා කළා.

අනගි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්ම් නොදැවී ලකුණු 76ක් සහ සූර්‍යකුමාර් යදව් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

මෙම ජයත් සමග මුම්බායිවරුන් ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් වුණා.

ඒ තරග 08න් හතරක් ජය ගනිමින්.

මේ අතර අද (21) රාත්‍රියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊඩ්න් ගාර්ඩ්න් හිදී තවත් තරගයක් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11