සිරි දළඳා වන්දනාවේ සිව්වන දිනය අදයි – තුන්වන දිනයේ බැතිමතුන් 150,000කට අධික පිරිසක්

“සිරි දළඳා වන්දනාව” අද සිව්වන දිනටත් පැවැත්වෙනවා.

දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12.00ට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” අද දිනයේත් පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරි දළඳා වන්දනාවේ තෙවැනි දිනය වූ ඊයේ (20) දිනට බැතිමතුන් 150,000කට අධික පිරිසක් දළඳා සමිඳුන් වන්දනාමාන කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

අප්‍රේල් 27 වන දින දක්වා පැවැත්වෙන “සිරි දළඳා වන්දනාව” වෙනුවෙන් තවත් බැතිමතුන් විශාල පිරිසක් සුදු වතින් සැරසී පෝලිම්වල රැඳී සිටින බවයි මහනුවර දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

තවත් බැතිමතුන් විශාල පිරිසක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ මහනුවරට පැමිණෙමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීම යටතේ “සිරි දළදා වන්දනාව” සංවිධානය කර තිබෙනවා.

මේ අතර, සිරි දළදා වන්දනාවට පැමිණෙ බැතිමතුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ග තුනක් වෙන් කර තිබෙනවා.

ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට දළඳා මාලිගයේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති මාර්ගය, පළමු ප්‍රවේශ මාර්ගය වන අතර, දෙවන ප්‍රවේශ මාර්ගය ස්ථාපනය කර ඇත්තේ රතු බෝක්කුව දෙස සිට වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වායි.

තුන්වන ප්‍රවේශ මාර්ගය, රතුබෝක්කුව දෙස සිට වැව රවුමේ මාලිගාව පෙදෙසින් ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර තිබෙනවා.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ දන්සැල් ද ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?