සිරි දළඳා වන්දනාවේ සිව්වන දිනය අදයි – තුන්වන දිනයේ බැතිමතුන් 150,000කට අධික පිරිසක්

“සිරි දළඳා වන්දනාව” අද සිව්වන දිනටත් පැවැත්වෙනවා.

දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12.00ට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” අද දිනයේත් පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරි දළඳා වන්දනාවේ තෙවැනි දිනය වූ ඊයේ (20) දිනට බැතිමතුන් 150,000කට අධික පිරිසක් දළඳා සමිඳුන් වන්දනාමාන කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

අප්‍රේල් 27 වන දින දක්වා පැවැත්වෙන “සිරි දළඳා වන්දනාව” වෙනුවෙන් තවත් බැතිමතුන් විශාල පිරිසක් සුදු වතින් සැරසී පෝලිම්වල රැඳී සිටින බවයි මහනුවර දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

තවත් බැතිමතුන් විශාල පිරිසක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ මහනුවරට පැමිණෙමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීම යටතේ “සිරි දළදා වන්දනාව” සංවිධානය කර තිබෙනවා.

මේ අතර, සිරි දළදා වන්දනාවට පැමිණෙ බැතිමතුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ග තුනක් වෙන් කර තිබෙනවා.

ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට දළඳා මාලිගයේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති මාර්ගය, පළමු ප්‍රවේශ මාර්ගය වන අතර, දෙවන ප්‍රවේශ මාර්ගය ස්ථාපනය කර ඇත්තේ රතු බෝක්කුව දෙස සිට වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වායි.

තුන්වන ප්‍රවේශ මාර්ගය, රතුබෝක්කුව දෙස සිට වැව රවුමේ මාලිගාව පෙදෙසින් ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර තිබෙනවා.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ දන්සැල් ද ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16