හයිද්‍රාබාද්වරුන් පස්වැනි වරටත් පරදියි

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් අමිහිරි පරාජයක් වැළඳ ගන්නට ඊයේ (17) සිදුවුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ යි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායිවරුන් පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පළමු ව පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 162ක්.

අභිෂේක් ෂර්මා ලකුණු 40ක් සහ හෙන්රිච් ක්ලාසන් ලකුණු 37ක් රැස් කළා.

ට්‍රවිස් හෙඩ් ලකුණු 28යි.

ජැක් විල්ස් කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් හර්දික් පාණ්ඩ්‍යා, ට්‍රෙන්ට් බෝල්ට් සහ ජස්ප්‍රිට් බුම්‍රා විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය ජයග්‍රහණය කිරීමට මුම්බායිවරුන්ට ලකුණු 163ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු හයක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රහණය අත්පත් කරගත්තා.

විල් ජැක්ස් ලකුණු 36යි.

රියාන් රිකල්ටන් ලකුණු 31යි.

කඩුලු බිඳ දැමීමේ දී පැට් කමින්ස් කඩුලු 03ක්, එෂාන් මාලිංග කඩුලු දෙකක් සහ හර්ෂාල් පටෙල් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දැක්වූ ජැක් විල්ස් දිනාගත්තා.

මේ අතර අද (18) රාත්‍රියේ දී බෙංගාලුරු හි දී පන්ජාබ් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතර තරගය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?