හයිද්‍රාබාද්වරුන් පස්වැනි වරටත් පරදියි

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් අමිහිරි පරාජයක් වැළඳ ගන්නට ඊයේ (17) සිදුවුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ යි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායිවරුන් පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පළමු ව පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 162ක්.

අභිෂේක් ෂර්මා ලකුණු 40ක් සහ හෙන්රිච් ක්ලාසන් ලකුණු 37ක් රැස් කළා.

ට්‍රවිස් හෙඩ් ලකුණු 28යි.

ජැක් විල්ස් කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් හර්දික් පාණ්ඩ්‍යා, ට්‍රෙන්ට් බෝල්ට් සහ ජස්ප්‍රිට් බුම්‍රා විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය ජයග්‍රහණය කිරීමට මුම්බායිවරුන්ට ලකුණු 163ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු හයක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රහණය අත්පත් කරගත්තා.

විල් ජැක්ස් ලකුණු 36යි.

රියාන් රිකල්ටන් ලකුණු 31යි.

කඩුලු බිඳ දැමීමේ දී පැට් කමින්ස් කඩුලු 03ක්, එෂාන් මාලිංග කඩුලු දෙකක් සහ හර්ෂාල් පටෙල් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දැක්වූ ජැක් විල්ස් දිනාගත්තා.

මේ අතර අද (18) රාත්‍රියේ දී බෙංගාලුරු හි දී පන්ජාබ් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතර තරගය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46