රුපියල් මිලියන 15ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 85ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ(16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය හා ධර්මපුරම් පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී සැකකරු ව අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබී ප්‍රවාහනයට සූදානම් කොට තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 85ක තොගය ඔහුගේ නිවසින් සොයාගැනුණු අතර
කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඒවා ඇසුරුම් 40ක අසුරා තිබියදී සොයා ගැනුණු බවත් වාර්තා වනවා.

සැකකරු ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙනා ගංජා තොගයක් ජාවාරම්කරුවන්ගෙන් ලබාගෙන බෙදාහැරීමට සූදානම් කර තිබියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිලිනොච්චිය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු හා ගංජා තොගය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?