මුහුදේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු අතුරුදන්

අවුරුදු සමය වෙනුවෙන් පානදුර මුහුදු තීරයට දිය නෑමට සිය මිත්‍රයින් සහ ඥාතීන් සමග පැමිණි දරුවන් දෙදෙනකු දිය පහරට හසු ව ගසා ගෙන ගොස් තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු මෙතෙක් හමු වී නැති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (16) පස්වරු 05.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කළා.

බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස දියනාමින් සිටි ඇති බවත් එම පිරිස තුළ පස්දෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවත්, එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙලෙස අතුරුදන් ව ඇත්තේ 15 හැවිරිදි වියෙහි පසුවූ මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මුහම්මදු සහ බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ පදිංචි යසීර් අර්ෆාත් අහමඩ් නමැති දරුවන් දෙදෙනක්.

අතුරුදන් වූ මෙම දරුවන් සොයා නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?