මුහුදේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු අතුරුදන්

අවුරුදු සමය වෙනුවෙන් පානදුර මුහුදු තීරයට දිය නෑමට සිය මිත්‍රයින් සහ ඥාතීන් සමග පැමිණි දරුවන් දෙදෙනකු දිය පහරට හසු ව ගසා ගෙන ගොස් තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු මෙතෙක් හමු වී නැති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (16) පස්වරු 05.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කළා.

බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස දියනාමින් සිටි ඇති බවත් එම පිරිස තුළ පස්දෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවත්, එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙලෙස අතුරුදන් ව ඇත්තේ 15 හැවිරිදි වියෙහි පසුවූ මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මුහම්මදු සහ බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ පදිංචි යසීර් අර්ෆාත් අහමඩ් නමැති දරුවන් දෙදෙනක්.

අතුරුදන් වූ මෙම දරුවන් සොයා නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26