සුපිරි ඕවරෙන් ඔල්වරසන් හඬ නැංවූ දිල්ලිවරුන්

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) දිල්ලි හි දී පැවති තරගය සම-තත්ත්වයට පත්වීම හේතුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දු වාරයේ දී සිය ජයග්‍රහණය තම කණ්ඩායම දෙසට නතු කරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමු ව පිතිකරණය සඳහා සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

එම ඇරයුම පිළිගත් කේ.එල්. රාහුල් ඇතුළු දිල්ලිවරුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.

අභිෂේක් පොරෙල් ලකුණු 49යි.

කේ.එල් රාහුල් ලකුණු 38යි.

ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 34ක් සහ අක්සාර් පටෙල් ද ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආචර් කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 188ක් රැස් කරමින් තරගය සුපිරි පන්දුවාරයකට රැගෙන ගියා.

සුපිරි පන්දුවාරය වෙනුවෙන් පළමු ව පන්දුවට පහරදීමට රාජස්ථාන්වරුන් පිටියට ආ අතර ඔවුන් පන්දුවාරය අවසානයේ ලකුණු 11ක් ලබා ගත්තේ කඩුලු 02ක් බිඳ වැටීමෙන්.

කෙසේවෙතත් දිල්ලිවරුන් සිය සුපිරි පන්දුවාරයේ පන්දු 04ක් ගෙවෙන විට ලකුණු 13ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

තරගයේ වීරයා මිචෙල් මාර්ෂ්.

මෙම ජයග්‍රහණයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මුහුණ දුන් තරග 06න් 05ක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ මුලසුන යළිත් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර අද (17) රාත්‍රියේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී මුම්බායි ඉන්දියන්ස්වරුන්ට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?