ලකුණු 95කට දැවී ගිය කොල්කටාවරුන්ට දැවැන්ත පරාජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තවත් තීරණාත්මක තරගයකින් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙන්නට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

මුල්ලාන්පූර් හි දී ඊයේ රාත්‍රියේ ආරම්භ වූ කොල්කටා නයිට් රයිඩර්ස් සහ පන්ජාබ්වරුන් අතර තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්වරුන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔවුන් සිය පන්දුවාර 20 අවසන් වීමටත් පෙර ලකුණු 111ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සියල්ලන් ම දවා ගැනීමට කොල්කටා පන්දු යවන්නන් සමත් වුණා.

Prabhsimran Singh ලකුණු 30ක් සහ ප්‍රියාන්ෂ් ආර්‍යා ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හර්ෂිත් රානා කඩුලු 03ක්, සුනිල් නරීන් සහ වරුන් චක්‍රවර්තී කඩුලු දෙක බැගින් බිඳ හෙලනු ලැබූ අතර වෛභව් අරෝරා සහ එන්‍රිච් නෝට්ජේ විසින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට බැලූ බැල්මට ලකුණු 112ක පහසු ඉලක්කයක් කොල්කටාවරුන්ට හිමිවුව ද, පන්ජාබ් පන්දු යවන්නන් හමුවේ ඔවුන් සියලු දෙනා ම ලකුණු 95කට දවා ගැනීමටයි පන්ජාබ්වරුන් සමත් වූයේ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යුෂ්වේන්ද්‍ර චහල් කඩුලු 04ක් සහ මාකො ජැන්සන් කඩුලු 03ක් බිඳ දැමුවා.

සර්වියර් බාර්ට්ලට්, අර්ශඩීප් සින්ග් සහ මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් බිඳ හෙලමින් සිය කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙන දුන්නා.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් බිඳ දැමූ චහල් දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?