ලකුණු 95කට දැවී ගිය කොල්කටාවරුන්ට දැවැන්ත පරාජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තවත් තීරණාත්මක තරගයකින් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙන්නට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

මුල්ලාන්පූර් හි දී ඊයේ රාත්‍රියේ ආරම්භ වූ කොල්කටා නයිට් රයිඩර්ස් සහ පන්ජාබ්වරුන් අතර තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්වරුන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔවුන් සිය පන්දුවාර 20 අවසන් වීමටත් පෙර ලකුණු 111ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සියල්ලන් ම දවා ගැනීමට කොල්කටා පන්දු යවන්නන් සමත් වුණා.

Prabhsimran Singh ලකුණු 30ක් සහ ප්‍රියාන්ෂ් ආර්‍යා ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හර්ෂිත් රානා කඩුලු 03ක්, සුනිල් නරීන් සහ වරුන් චක්‍රවර්තී කඩුලු දෙක බැගින් බිඳ හෙලනු ලැබූ අතර වෛභව් අරෝරා සහ එන්‍රිච් නෝට්ජේ විසින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට බැලූ බැල්මට ලකුණු 112ක පහසු ඉලක්කයක් කොල්කටාවරුන්ට හිමිවුව ද, පන්ජාබ් පන්දු යවන්නන් හමුවේ ඔවුන් සියලු දෙනා ම ලකුණු 95කට දවා ගැනීමටයි පන්ජාබ්වරුන් සමත් වූයේ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යුෂ්වේන්ද්‍ර චහල් කඩුලු 04ක් සහ මාකො ජැන්සන් කඩුලු 03ක් බිඳ දැමුවා.

සර්වියර් බාර්ට්ලට්, අර්ශඩීප් සින්ග් සහ මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් බිඳ හෙලමින් සිය කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙන දුන්නා.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් බිඳ දැමූ චහල් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16