මිත්තණිය සහ සීයා ඝාතනය කළ මුණුපුරා අත්අඩංගුවට

සාලියවැව පොලිස් වසමේ දුනුමඩලෑව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 76 සහ 80 වන වියේ පසු වූ අඹුසැමි යුවළක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ යුවළගේ මුණුපුරා විසින් ඊයේ (12) මෙම අපරාධය සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අපරාධයට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සාලියවැව පොලිසිය සිද්ධියට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?