පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කරලා

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පියා වයස අවුරුදු 59ක පුද්ගලයෙක් වන අතර පුත්‍රයා 26 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අද (12) අලුයම සිදුව ඇති මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගේ පියා 2022 වසරේ දී ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම පිය පුතු දෙපල ඊයේ (12) අලුයම් කාලයේ මෙලෙස ඝාතනය කර ඇති බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

රාජාංගන පොලිසියේ අපරාධ අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48