බසයක ඉදිරිපස දොරෙන් එළියට විසි වී තරුණයෙක් ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී සිදු වූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) දහවල් සිදු වූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 27 ක් වූ බෝධිවෙල, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක ගමන් ගත තරුණයෙක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ අනතුරට ලක්වූ තරුණයා හබරණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

අනතුරට සම්බන්ධ මගී ප්‍රවාහන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12