ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී සිදු වූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (11) දහවල් සිදු වූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 27 ක් වූ බෝධිවෙල, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක ගමන් ගත තරුණයෙක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
පොලිසිය සඳහන් කළේ අනතුරට ලක්වූ තරුණයා හබරණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
අනතුරට සම්බන්ධ මගී ප්‍රවාහන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














Buses need to close doors in fast speeds if not this happens .pl think clean SL