රුපියල් ලක්ෂ දහසයක් වටිනා එනසාල් කිලෝග්‍රෑම් 117ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අද (05) දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම ගුවන් මගීන් දෙදෙනා කොළඹ 13 සහ කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල නිරත වෙමින් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නන් බවයි.
සැකකරුවන් අද අලුයම 04.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 07 ක් තුළ මෙම එනසාල් තොගය, පැකට් වශයෙන් සකස් කර සඟවා තිබූ බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා කටුනායක නයිකන්ද රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගැනුණා.













