හොරෙන් එනසාල් ගෙනා අයට වැඩ වරදියි

රුපියල් ලක්ෂ දහසයක් වටිනා එනසාල් කිලෝග්‍රෑම් 117ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අද (05) දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම ගුවන් මගීන් දෙදෙනා කොළඹ 13 සහ කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල නිරත වෙමින් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නන් බවයි.

සැකකරුවන් අද අලුයම 04.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 07 ක් තුළ මෙම එනසාල් තොගය, පැකට් වශයෙන් සකස් කර සඟවා තිබූ බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා කටුනායක නයිකන්ද රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14