චෙන්නායිවරුන්ට දරුණු පරාජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද පස්වරුවේ (05) ඇරඹි තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 25ක විශිෂ්ට ජයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දිනාගත්තා.

චෙන්නායි නුවර දී අද තරගය ආරම්භ වූයේ දිල්ලි නායක අක්සාර් පටෙල් හට කාසියේ වාසිය හිමිකරමින්.

කාසියේ වාසිය දිනාගත් දිල්ලිවරුන් පළමු ව පන්දුවට පහරදෙමින් කඩුලු 06ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 183ක් ලබාගත්තා.

කේ.එල් රාහුල් ලකුණු 77ක් ලබා ගත්තා.

අභිෂේක් පොරෙල් ලකුණු 33යි.

චෙන්නායිවරුන් වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී කලීල් අහමඩ් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් රවීන්ද්‍ර ජඩේජා, නූර් අහමඩ් සහ මතීෂ පතිරණ බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය ද පන්දුවාර 20 අවසානයේ දී චෙන්නායිවරුන්ට කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

සටන ලෙහෙසියෙන් අත් නොහැරි විජය ශංකර් නොදැවී ලකුණු 69 ක් රැස් කළා.

එම්. එස්. දෝනි නොදැවී ලකුණු 30යි.

ඒ අනුව චෙන්නායිවරුන් පැවති තරග 04න් ම 03ක් පරාජයට පත් වූ අතර දිල්ලිවරුන් මුහුණදුන් තරග 03ම ජයගෙන සිටීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?