චෙන්නායිවරුන්ට දරුණු පරාජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද පස්වරුවේ (05) ඇරඹි තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 25ක විශිෂ්ට ජයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දිනාගත්තා.

චෙන්නායි නුවර දී අද තරගය ආරම්භ වූයේ දිල්ලි නායක අක්සාර් පටෙල් හට කාසියේ වාසිය හිමිකරමින්.

කාසියේ වාසිය දිනාගත් දිල්ලිවරුන් පළමු ව පන්දුවට පහරදෙමින් කඩුලු 06ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 183ක් ලබාගත්තා.

කේ.එල් රාහුල් ලකුණු 77ක් ලබා ගත්තා.

අභිෂේක් පොරෙල් ලකුණු 33යි.

චෙන්නායිවරුන් වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී කලීල් අහමඩ් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් රවීන්ද්‍ර ජඩේජා, නූර් අහමඩ් සහ මතීෂ පතිරණ බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය ද පන්දුවාර 20 අවසානයේ දී චෙන්නායිවරුන්ට කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

සටන ලෙහෙසියෙන් අත් නොහැරි විජය ශංකර් නොදැවී ලකුණු 69 ක් රැස් කළා.

එම්. එස්. දෝනි නොදැවී ලකුණු 30යි.

ඒ අනුව චෙන්නායිවරුන් පැවති තරග 04න් ම 03ක් පරාජයට පත් වූ අතර දිල්ලිවරුන් මුහුණදුන් තරග 03ම ජයගෙන සිටීමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06