දේශබන්දුගේ සිද්ධියේ තුන්වැනි සැකකරු රටින් පැන ගිහිං – නෙවිල් සිල්වා 9 වැනි සැකකරු ලෙස නම් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිද්ධියට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු වන ඔලිවර් ජගත් නිශාන්ත නමැත්තාට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ මෙම නඩුව ඊයේ (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පොලිසියට නියෝග කළේ තුන්වැනි සැකකරුව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ආ යුතු බවයි.

නමුත් නඩුවේ තුන්වැනි සැකකරු මේ වනවිට රටින් පලා ගොස් තිබෙන බව පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මීට අමතර ව මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා නම් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

අධිකරණයෙන් ඊට ද අවසර හිමි වූ අතර නඩුවේ පළමු වන සැකකරු දේශබන්දු තෙන්නකෝන් බැවින් එහි 09 වැනි සැකකරු ලෙස CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ලෙස නම්කෙරුණා.

මීට අමතර ව සිද්ධියට අදාළ ව සාක්කි සම්පිණ්ඩන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස් කාන්තාවක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුගේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා මීට ඇතුළත්.

CCD අධ්‍යක්ෂ නෙවිල් සිල්වා තමන්ට වාහන ඉල්ලුම්පත් ඇතුළු ලේඛනය පෙර දිනයන් දමා වෙනස් කරන ලෙස දැනුම් දුන් බවයි එකී සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ.

එකී එක් පොලිස් කාන්තාවක් ප්‍රසුත නිවාඩු ලබා නිවසේ සිටියදී ඇයගේ ම අත් අකුරින් එම ලේඛන වෙනස් කළ යුතු නිසා නිවසට පැමිණ වෙනස් කරගත් බව ද ඇය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30