සඳුදා සිට මැයි 31 දක්වා ඔබ දැනුවත්ව සිටිය යුතු කරුණු

එක් නිවසකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව

එක් දිනයකදී නිවසකින් පිට වීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයකුට පමණයි.

එය ජාතික හැඳුනුම්පත් අංකයෙහි අවසාන ඉලක්කම මත තීරණය කෙරෙනවා.

අවසාන ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනවලදී ද, එය ඔත්තේ සංඛ්‍යාවක් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියි.

අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙසයි සැලකෙන්නේ.

රාජකාරි කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවේ.

පෞද්ගලික කුලී රථ සේවා

කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙකකට සීමා වනවා.

වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමා වනවා.

උපයෝගිතා සේවා

විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්පී ගෑස් ස්ථාන, මෝටර් රථ ගරාජ, ටයර් සේවා සහ තැපැල්, කුරියර් සේවා

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇත.

රැස්වීම්

ආයතනයේ සේවකයන් පමණක් උපරිමය පුද්ගලයන් 10කට සීමා කොට අත්‍යවශ්‍ය රැස්වීම් පැවැත්වීමට අවසර තිබෙනවා.

අපනයන අරමුණු කරගත් කර්මාන්ත (ඇඟලුම්, කෘෂිකාර්මික නිෂ්පාදන)

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ‘‘ජෛව ආරක්ෂිත බුබුළ’’ යන සංකල්පය යටතේ ක්‍රියාත්මක විය යුතුයි.

බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර නැත.

සුපිරි වෙළෙඳසල් , සාප්පු සංකීර්ණ සහ මූල්‍ය ආයතන

වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකියි.

පුද්ගලයකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකියි.

කොවිඩ් 19න් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුයි.

ජංගම වෙළෙන්ඳන්, ඉන්ධන පිරවුම්හල්, ඉදිකිරීම් ස්ථාන

අවසර ලබා දී අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කළ යුතුයි.

අධිකරණ

වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලයන් සිටිය යුතු අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

සෞඛ්‍ය අංශ

රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා ඇතුළුව දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව, අවශ්‍ය කාර්යමණ්ඩලයක් යටතේ සේවා අවශ්‍යතාව අඛණ්ඩව සැපයිය යුතුය.

මංගල උත්සව

නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නැත. විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ළඟම ඥාතීන් උපරිම 15 දෙනකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකිය.

අවමංගල්‍ය උත්සව (කොවිඩ් 19 ආසාදනය නොවූ මෘතදේහ සඳහා)

මෘතදේහය රෝහලෙන් / මරණ පරීක්ෂක මුදා හැර පැය 24ක් ඇතුළත අමංගල්‍ය උත්සවය පැවැත්විය යුතුය.

ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව, පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කොට මෙය පැවැත්විය යුතුය.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන

සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත.

බෝඩිං නිවාස

ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව පූර්ණ ධාරිතාවයෙන් සිටිය හැකිය. කෙසේ වෙතත්, නව පුද්ගලයන්ට නවාතැන් ලබා නොදිය යුතුය.

මධ්‍යසාර අලෙවිසල්

උදෑසන 10.00 සිට රාත්‍රී 6.00 දක්වා පමණක් විවෘතව තැබීමට අවසර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52