චිලී ජනපති ඉන්දියාවට

චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව හමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය, නවෝත්පාදනය, අධ්‍යයන සහයෝගීතාව, සංස්කෘතිය, කලාව හා සිනමාව යන ක්ෂේත්‍ර කෙරෙහි දෙරටේ පවතින සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු කෙරුණු බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (නැගෙනහිර) පෙරියසාමි කුමාරන් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳ ව පුළුල් සමාලෝචනයක් සිදු කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ද චිලී ජනාධිපතිවරයා හමු ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?