බස් රථයක රූපවාහිනී යන්ත්‍ර හා ශබ්ද විකාශන යන්ත්‍ර ගැලවූ සොරා සොයා මෙහෙයුම්

උතුරු පයාගල මංසන්ධියේ නවතා තිබූ මගී බස් රථයකට රාත්‍රී කාලයේ ඇතුල් වූ පුද්ගලයෙකු එහිි තිබූ රූපවාහිනී යන්ත්‍රය සහ ශබ්ද විකාශන යන්ත්‍රය සොරකම් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පයාගල පොලිස් වසමේ උතුරු පයාගල මංසන්ධියේ බස් රථයේ හිමිකරු විසින් ඔහුගේ බස් රථය උතුරු පයාගල මංසන්ධියේ රාත්‍රී කාලයේ ගාල්කර තිබියදී එම බස් රථයට ඇතුල් වූ පුද්ගලයෙකු කිසියම් ආධාරයක් උපයෝගී කරගෙන එම බස් රථයේ තිබූ මගීන්ගේ නැරඹීම සඳහා සවිකොට තිබූ වටිනා රූපවාහිනී යන්ත්‍රය සොරකම් කර ඇති බවයි.

මීට අමතරව බස් රථයේ සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර කොටස් කිහිපයක්ම සොරකම් කර තිබෙනවා.

ලක්ෂ හතරකට ආසන්න වටිනාකමක් ඇති මෙම භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් බස්රථ හිමියා විසින් මේ වන විටත් පයාගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, සැකකරු සොයා පයාගල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?