සැමියා ව ගසක බැඳ බිරිඳට හදි කරලා – හත්දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාගර්කර්නූල් දිස්ත්‍රික්කයේ කාන්තාවක් දූෂණය කර, ඇයගේ සැමියා ව ගසක බැඳීමේ චෝදනාවලට සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 30 වැනිදා රාත්‍රියේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ වින්දිත තැනැත්තිය සිය සැමියා සමග තෙලන්ගනා කෝවිලට ගිය අවස්ථාවේදී බවයි.

උර්කොන්ඩපේටා ගම්මානයේ පදිංචිකාරිණියක් වන වින්දිත තැනැත්තිය සිය සැමියා සමග ආගමික පූජාවකට කෝවිලට ගොස් සිටියදී ඇයව චූදිතයින් විසින් බලහත්කාරයෙන් අසල පිහිටි ළැහැබකට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවත්, සැමියා ඇයව බේරාගැනීමට උත්සාහ කිරීමේ දී සැකකරුවන් ඔහුට පහර දී ගසක බැඳ දමා ඇති බව ද වාර්තා වනවා.

සැකකරුවන් අතර විදුලි කාර්මිකයෙකු, මෝටර් රථ රියදුරෙකු සහ කෝකියන් දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිටින බවත් ඔවුන් මීට පෙර කප්පම් ගැනීමේ නඩුවලට ද සම්බන්ධ බව ද ප්‍රාන්ත පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?